මිළිඳු රාජ ප්‍රශ්නය

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයින්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුන්ගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය.
බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව නාගසේන මහරහතන් වහන්සේ වයඹදිග ඈත ඉන්දියාවේ පංජාබයට ආසන්න ප්‍රදේශයක වැඩසිටි බව පෙනේ. මිළිඳු රජුන් හඳුනාගෙන ඇත්තේ බැක්ට්‍රියන් රජෙකු වන මිනැන්ඩර් නම් රජු ලෙසය. එම ප්‍රෙද්ශය තුළත්, ඈත බටහිර ඉන්දියාවේත්, කාබුල් ප්‍රෙද්ශයේත්, නැගෙනහිර මාථුරාවේත්, උතුරු කාශ්මීරයේත්, මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිළිඳු රජතුමාගේ බෞද්ධාගමනයෙන් පසු ඔහු කොතරම් ජනප්‍රිය වූයේද යත්, ඔහුගේ අභාවයෙන් පසු ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරක ද තනවා තිබේ, විශේෂයෙන් වර්ථමාන ඇෆ්ගනිස්ථානය මිළිඳු රජුගේ විජිතය බව බොහෝ විද්වතුන්ගේ මතයයි.
මෙම මිළිඳු රජු ග්‍රීක ජාතිකයෙකු වන අතර මොහුගේ ඇති විමංසනශීලී කුසලතාව ඉතා අගනේය. කරුණු ඉස්මතු කිරීමෙහි ලා, ප්‍රශ්න කිරීමෙහි ලා, වාද නැංවීමෙහි ලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය සිතාගත නොහැකි තරම්ය. එකල වැඩ සිටි රහතන් වහන්සේලා පවා මොහුගේ පාදප්‍රතිවාදයන්ට මුහුණ දිය නොහැකිව එම ප්‍රෙද්ශ හැරගිය බව සඳහන් ය. මෙම රජුට මෙතරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබෙන්නේ පෙර භවයක සාමණේර නමක් වශයෙන් සිට කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිධාන කතාවේ විස්තර වේ. නාගසේන මහරහතන් වහනසේගේ පහළ වීම සිඳු වන්නේ ද එකී ප්‍රාර්ථනාවට අනුකූලව ඇතිකරගත් පැතුමක් අනුව ය.

 

MP3 ලෙස ලබාගන්න
Download-01   Download-02   Download-03
Download-04   Download-05   Download-06
Download-07   Download-08   Download-09
Download-10   Download-11   Download-12
Download-13   Download-14   Download-15

ඉහත සියල්ල තනි ZIP ගොනුවකින් ලබාගන්න
Download All (189 Mb)

PDF ලෙස ග්‍රන්ථය ලබාගන්න
Download (183 Mb)

පුණ්‍යානුමෝදනාව
ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සහ ගිහි පැවිදි සියලුදෙනාගේ ධර්මාවබෝධය වෙනුවෙන් අතිපූජනීය කල්‍යාණ මිත්රයානන්වහන්සේ නමක්වූත්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරයාණන් වහන්සේවූත්, ශ්‍රද්ධා රූපවාහිනියේ නිර්මාතෘවරයාණන් වහන්සේවූත්, වන්දනීයවූ පූජනීයවූ කිරිබත්ගොඩ ඤාණානන්ද ගෞරවණීය ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාදු සාදු සාදු!!! එසේ ම ශ්‍රද්ධා නාළිකාව ආරම්භ කොට පවත්වාගෙන යන පින්වත් ස්වාමීන්වන්සේලාටත් බොහෝ ගිහි පින්වතුන් ඇතුළු ශ්‍රද්ධා අධ්‍යක්ෂක මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු සියලු පින්වතුන්ට මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාදු සාදු සාදු!!!

හඬ පටය ධර්ම දානය පිණිස ලබා ගත්තේ www.shraddha.lk වෙතින්.